Monday, June 29, 2015



ගන්නෝරුවේ වෑන් එක ඇතුලේ
අනියම් යුවලගේ අඹුසැමි හැසිරීම්
වීඩියෝ කර කප්පම් ඉල්ලු
පොලිස් බ්‍රෝකර්


ඊයේ දහවල් කාලයේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පාළු තැනක නවතන ලද වෑන් රථයක් තුළ අනියම් අඹුසැමි ඇසුරක් නිසා අලකලංචියක් සිද්ධවී ඇත. වෑන් එක ඇතුළේ මෙම අනියම් පෙම් යුවළ අඹුසැමියන් ලෙස හැසිරෙනු දුටු ඒ අසළින් ගමන් ගත් තරුණයෙකු එම සිදුවීම රහසිගතව ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිඛෙනවා.
නමුත් බාහිර අය ගැන අවධානයක් නැතිව වෑන් එක ඇතුළේ රති සුව ලබමින් සිටි මේ දෙදෙනාට අවට ලෝකය ගැන වැටහීමක් තිබී නැත. මිනිත්තු ගණනාවකට පසු වෑන් එකට තට්ටුවක් දැමූ තරුණයා
දැක මේ දෙදෙනා බියෙන් භ්‍රාන්තවී ඇත. වහාම තැන තැන ගළවාදමා තිබුණ ඇඳුම් ඇඳගත් දෙදෙනා ලජ්ජාවෙන් වෑන් රථයේ දොර හැර තරුණයා හා කතා කර ඇත.
එම අවස්ථාවේ අනියම් යුවළ බිය කර මුදලක් කොල්ලකෑමට කල්පණා කර තිබුණ තරුණයා එම යුවළ අමතා කියා ඇත්තේ තමා පොලිසියේ සේවය කරන කෙනෙකු බවත් මේ අවස්ථාවේ සිද්ධවූ දෙය දැකගන්නට ලැබුණ බවත්ය. zමේක බරපතල වරදක්.. ප්‍රසිද්ධ තැනක ඔයගොල්ලන්ට මේ විදිහට අසභ්‍ය ලෙස හැසිරෙන්න බෑ.. මේ බලන්න මං ගාව සාක්ෂි තියනවා.. මං හොඳට වීඩියෝකරා
(ඔහු එය ක්‍රියාත්මක කර පෙන්වා ඇත)
එම අවස්ථාවේ අනියම් යුවළ බැගෑපත්වී කියා ඇත්තේ අනේ.. අපිට මුකුත් කරන්න එපා..අපිව බේරල

දෙන්න.. ලෙසිනි. තරුණයා යළි උස් හඬින් කියා ඇත්තේ.. zහා කල්පණා කරල බලමු.. මට මේක අතඅරින්න නම් ටිකක් විතර ලොකු ගාණක් ගෙවන්න වෙයි..Z එම අවස්ථාවේ බියට පත්ව සිටි යුවළ ඔහු ඇත්තටම පොලිස් නිලධාරියෙකු ලෙස සිතා ඔහු කියන ගාණක් ගෙවන්නට පොරොන්දුවී තිඛෙනවා.

කැගල්ල ප්‍රදේශයේ රැකියාවක නියුතු රජයේ නිලධාරියෙකු සහ ඔහු සමග පෙමින් වෙළුණු විවාහක කාන්තාවකවූ මේ දෙදෙනාගෙන් පොලිස් වෙසින් ර`ගපෑ තරුණයා ලක්ෂ 3 ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වුණා.

එම අවස්ථාවේ තමන් සතුව එතරම් මුදල් නැති බව කියූ විට මිතුරන්ට කතා කර ඒවා ගෙන්වාගෙන හෝ තමාට ලබාදෙන ලෙස එම පුද්ගලයා පවසා ඇත. ඒ අනුව මිතුරන්ට කතා කොට මහනුවර ගන්නෝරුව  මුරුතලාව ප්‍රදේශයේ නවතා තිබුණ වැන් රථය අසළට රුපියල් දෙලක්ෂ විසිදහසක මුදලක් ගෙන්වා ගන්නට එම නිලධාරියාට

සිදුවුණා. ඔහු ඒවා තරුණයා අත තබා ඉතිරිය පසුදා දෙන බවට පොරොන්දුවී එතැනින් නික්මී ඇත.
කෙසේ නමුත් පිටතට ගිය යුවළ තමුන් රැවටිල්ලකට හසුව ඇති බව කල්පණා කර
ඊයේ (28) දින මේ බව පේරාදෙනි පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඉතිරි මුදල් අසුදාහක මුදල අද (29) දින ලබාගන්නට එම තරුණයා සිද්ධිය වූ ස්ථානයට එන බවද ඔවුන් පොලිසියට කියා ඇත.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ පොලිස් සිවිල් නිලධාරීන් පිරිසකට සැ`ගවී සිටින්නට කියා යුවළ එතැනට ගොස් තිබුණ අතර කියූ වේලාවට තරුණයා එතැනට ආ විගස පොලිස් නිලධාරීන් මැදිහත්වී ඔහුව අල්ලා ගත්තා.
පොලිස් දෙපාර්තුමේනතුවේ රාජකාරී කරන බව දක්වමින් ර`ගපෑ තරුණයා බ්‍රොකර් රස්සාව කරමින් ජීවත්වන අයෙකු බවද එහිදී අනාවරණය වුණා.
ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ පසු ඔහු මීට පෙරදින ලබාගත් මුදල්ද ඔහුගේ නිවසේ තිබී හමුවුණා.
සැකකාර බෝකර් වරයා අද (29) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව
වාර්තා වුණා.
සිද්ධිය පිළිබඳ  වැඩි දුර විමර්ශන පේරාදෙනිය පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරයි.

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.