Friday, September 18, 2015

සේයාගේ ඝාතනය ගැන
ජනපති කථා කරයි
අපරාධකරුවන්ට
ඇත්ත මරණ ද~ුවම
දෙන්න සූදානම්

රටේ පවතින නිසා අපරාධ කරන්නට අපරාධකරුවන් බියක් නැතිවී ඇති බවයි. මරණ ද~ුවම ලබන්නන් ජීවිතාන්තය දක්වා සිරගතවී පසුව නිදහස්වීම හා විශාල වැරදි කරන අයද බොහෝ අවස්ථාවල ඇප මත නිදහස්වීම දැන් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති නිසා රටේ නීතියට මිනිසුන් බිය නැතිවීමෙන් මෙවැනි අපරාධ සුලබවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණකි.




මේ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන අද ප්‍රථම වරට සංවේදීව අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ එකඟත්වය ලැබුණොත් ලබන වසරේ සිට මරණ ද~ුවම ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද ගාල්ලේ පැවති රැස්වීමකදී කියා ඇත.




එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු නැති වුවද තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස විමසීමට බලාපොරොත්තු වන බව ජනපතිවරයා කියා ඇත.


සේයා සෙඳව්මිගේ ඝාතනය සම්බන්ධයෙන්ද ජනපති සිහිපත් කර ඇති අතර එය ගැන පිළිකුළෙන් හෙළාදැක කථා කර ඇත.
එම දැරියගේ ඛේදවාචකය හමුවේ කම්පනයට පත්වූ බොහෝ ජනතාව තමන්ගෙන් මරණ ද~ුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ඇතැයි කියන ජනාධිපතිවරයා තමන්ට එය ක්‍රියාත්මක කිරීමට බලය ඇතැයිද දැනට වැරදිකරුවෙකුට උසාවියෙන් මරණ ද~ුවම නියම කළ පසු තමන්ට ඇත්තේ අත්සන ගැසීම පමණක් යැයිද ජනපති කියා සිටි නමුත් මානව හිමිකම් සංවිධාන මානුෂියත්වය ගැන සලකා මීට හරස්වන බවද ඔහු පෙන්වා දුන්නේය.


ඒ අනූව මේ තත්වය වෙනස් විය යුතු බවත් පාර්ලිමේන්තුවේ එකඟත්වය ඒ සඳහා ලැබුණහොත් ලබන වසරේ සිට  මරණ ද~ුවම ක්‍රියාත්මක කිරීමට ඉඩදෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියා.
අද ගාල්ල නවනගර ශාලාවේදී පැවැති —මතින් තොර රටක්˜ උත්සවයට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර ඇත.

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page