පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස වෙනුවට කොළඹින් නිවසක්
කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂයක නිවාස කුලී දීමනාවක් ගෙවීමේ යෝජනාවක්
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි
මාර්ග සඳහන් කරයි.
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස මන්ත්‍රීවරුන්ට පදිංචියට සුදුසු
මට්ටමක නොමැති බැවින් ඔවුන්ට කොළඹ අවටින් නිවසක් කුලියට ගැනීමට මෙම මුදල
දීමනාවක් ලෙස ගෙවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වූ බවද වාර්තාවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී නිල නිවාස නොමැති
මැති ඇමතිවරුන් සඳහා රුපියල් ලක්ෂයක නිවාස කුලී දීමනාවක් ලබාදීමට මුලදී
තීරණය කර තිබූ අතර, ඊට එල්ල වූ විරෝධතා හමුවේ එය මසකට රුපියල් 50,000 දක්වා
අඩු කිරීමට සිදුවිය. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී
මන්ත්‍රීවරුන්ට නිල නිවාස වෙනුවට මාසික නිවාස කුලී දීමනාවක් ලබාදීමේ යෝජනාව
පිළිබඳ ඇමතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා තිබිණි.
මෙහිදී අදහස් දක්වා ඇති ප්‍රා‘දේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා
කොළඹින් රුපියල් ලක්ෂයක කුලියට නිවසක් සොයාගත නොහැකි බව සඳහන් කර ඇත.
(ඉරිදා ලංකාදීප ඇසුරෙනි)
0 comments:
Post a Comment