නාය යෑම් සහ ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රදේශ තුළ හෙට දිනයේත් පාසල් වසා තැබීමට තීරණය කර ඇත.
සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි.
සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි.
ඒ අනුව රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, හල්දුම්මුල්ල, නිවිතිගල, කලවාන, අයගම සහ කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පාසල් වසා දැමෙනු ඇත.
මේ අනුව ආපදාවට ලක්වූවන්ගේ සහන මධ්‍යස්ථාන ලෙස පවතින පාසල් ද වසා දැමීමට තීරණය කර ඇත.
තවද දකුණ හා බස්නාහිර පළාත්වල ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පාසල් වසා දැමීම පිළිබඳව තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවත් අධ්‍යාපණ අමාත්‍යංශය සඳහන් කලා.
0 comments:
Post a Comment