ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට අද(8) අර්ධ
චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට අවස්ථාව සැලසී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ
අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා
පවසයි.
අද රාත්‍රී 9.20ට පමණ ඇතිවිය හැකි චන්ද්‍රග්‍රහණය හෙට(9) අලුයම 2.21
වනවිට අවසන් විය හැකි බව ඔහු ප්‍රකාශ කරයි. යුරෝපය හා අප්‍රිකාවටද මෙම
චන්ද්‍රග්‍රහණය දැකගැනීමට හැකියාව ඇතැයි පවසන ජයරත්න මහතා 2018 වසරේ ජනවාරි
31 හා ජූලි 27 දිනවල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ද ශ්‍රී ලංකාවාසීන්ට
දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද පෙන්වා දෙයි.
0 comments:
Post a Comment