තම බිරියගේ නැගණිය දූෂණය කර පළා ගිය පුද්ගලයකු වසර 13කට පසු දොඩම්ගොඩ, වෑවලගොඩ නිවසකදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අඟුරුවාතොට, ගල්පාත පදිංචිව සිටි මොහු තම බිරියට දරුවකු ලැබීමට සිටියදී ඇයගේ උදව්වට නිවසේ නවතාගත් එකල 13 හැවිරිදි බිරියගේ නැගණිය දූෂණය කර ඇයද ගැබිණියක කර පළාගොස් සිටියදී මොහුට එරෙහිව පොලිසිය නඩු පවරා තිබූ බව කියති. ඒ අනුව 2006 වසරේදී මහාධිකරණය මගින් මොහුට වසර 20ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල් නියම කර ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සිදුකළ පරීක්ෂණ අනුව කළුතර ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අද (26) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.