ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ
නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි
අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද නව
මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.
අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙම වාර්තාව අද (26) එරට කොංග්‍රස්
මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය
කියයි.
මෙම සිදුවීම් වලට අදාළ පැමිණිලිකරුවන්ද ඝාතනයට ලක්ව ඇති හෙයින් හා පවුලේ
සාමාජිකයින්ද ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබුවහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක
සම්බන්ධයෙන් බියෙන් පසුවන බැවින් පසුගිය කාලයේ සිදුවූ එම ඝාතන සම්බන්ධයෙන්
විශ්වාසවන්ත සංඛ්‍යාලේඛන සොයාගැනීම අසීරු බවද එම වාර්තාවේ iඳykය.
සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේදී ඝාතනය කිරීම් සිදුවීම
ප්‍රශ්නයක්ව පැවති බවත්, 2012 ආරම්භයේ සිට ඉකුත් වසර අවසානය දක්වා පොලිස්
අත්අඩංගුවේදී මරණයට පත්වූ පිරිස 68 ක් බව රජයේ නිලධාරියකු පෙන්වාදුන් බවත්
වාර්තාවේ දැක්වෙයි. එසේම 2013 ජූලි මස සිට වාර්තාවූ සිදුවීම් 11ක පුද්ගල
ඝාතන 12 ක් සිදුව ඇති බව ඉකුත් ඔක්තෝම්බර් මස මාධ්‍ය වාර්තාවක දැක්වුණු බවද
එහි සඳහන්ය.