
මේගාලයා හි රෝහලක දී ඉන්දීය හිටපු ජනපතිවරයා අභාවප‍්‍රාප්ත වී ඇති අතර ෂීලෝන්හි පිහිටි ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයක් පැවැත්වීම සඳහා සහභාගී වී සිටියදී ඔහු අභාවප‍්‍රාප්ත වූ බව එන්ඩීටී පුවත් සේවය වාර්තා කළේය.
මියයන විය 83 වියෙහි පසුවූ ආචාර්ය අබ්දුල් කලාම්, දේශනය පැවැත්වීම සඳහා වේදිකාවට ගොඩ වූ විට ඇද ගෙන වැටී ඇතැයි ද ඒ අවස්ථාවේදීම ඔහු රෝහල් ගත කළ බවත් වාර්තා වේ. ඔහු දරුණු හෘද්‍ය ආබාධයකින් පෙළෙමින් සිටි බව වෛද්‍යවරු ප‍්‍රකාශ කර ඇත.
ආචාර්ය කලාම් ඉන්දියාවේ 11 වැනි ජනපතිවරයා වූ 2002 වසරේ සිට 2007 වසර දක්වා ජනපතිධුරය දැරුවේය. ආචාර්ය අබ්දුල් කලාම් 1931 ඔක්තෝබර් 15 වැනි දින රාමේෂ්වරම් හිදි උපත ලැබුවේ බෝට්ටුකරුවකුවකුගේ පවුලට දාවය.
හිටපු ජනපති කලාම්ගේ අභාවය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත්, ජාතියක් පුබුදුවාලීමට කලාම් මහතා ඉමහත් සේවයක් කළ බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං සිය ට්විටර් ගිණුමේ ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබුණි.
සූර්ය බලශක්තිය, න්‍යෂ්ටික බලශක්ති, තාක්ෂණය හා විද්‍යාව වෙනුවෙන් ඔහු කළ ඉමහත් සේවාව වෙනුවෙන්, ඔහුට ඉන්දියාවේ පුද්ගලයකුට හිමිවන ඉහළම සම්මාන වන භාරත් රත්න හා පද්ම භූෂණ සම්මාන වලින් ද පිදුම් ලැබුවේය.
ආචාර්ය අබ්දුල් කලාම් මහතා පසුගිය දිනෙක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සංවිධානය කළ බලශක්ති සමුළුවක් ඇමැතීම සඳහා ශ්‍රී ලංකාවටද පැමිණියේය.
lankadeepa