පසුගියදා පස්සර - බදුල්ල ප්‍රදේශයේදී වඩේ වෙළඳාමෙ නියුතු පුද්ගලයෙකු පිහියෙන් ඇණ ඝාතනය කර ඇති පුවතක් වාර්තා වුණා. එම සිද්ධිය සඳහා සැකපිට පුද්ගලයෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනව. මෙම ඝාතනයට මුල් වී ඇත්තේ අනියම් පෙම් සම්බන්ධයක් පිළිබඳව ඇති වූ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් බව මේ වාර්තා වෙනව.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක අයෙක් බවත්, මෙම ඝාතකයාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවයි පවසන්නේ. මෙම ඝාතනය සඳහා යොදාගත් පිහියද එම අවස්ථාවේ මිලට ගත් එකක් අතර මොවුන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වන බවයි වාර්තා වෙන්නේ.
මහමගදී සිදු වුන මේ ඝාතනයේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනව. මේ වීඩියෝව පහලින් බලන්න, මේ අමානුෂික මරණය සිදු කරන්නේ කුමන සිතකින්ද යන්න ඔබටත් මටත් ඇති ප්‍රස්ණයකි. මේ වීඩියෝව සංවේදී අය නැරඹීමෙන් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.