Tuesday, July 21, 2015


ජන්දයට එන නලු නිළි ලයිස්තුව මෙන්න


දැන් ලංකාවේ මැතිවරණවලදී දේශපාලන පක්ෂවලට නැතුවම බැරි චරිත බවට පත්ව ඇත්තේ ජනප්‍රිය නළු නිළියෝය.

එළඹෙන අගෝස්තු 18 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයටද නළු නිළියෝ කිහිපදෙනෙකු එක්කර තිබේ.

ඒ අතරින් රන්ජන් රාමනායකට ප්‍රධාන තැනක් හිමිව ඇත.

ඒ යහ පාලන ආණ්ඩුවේ සමාජ සේවා, සමාජ සුභසාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීමෙන් පසුව ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන නිසාය.

කෙසේවුවද 2010 දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් තරඟ කළ රන්ජන් මෙවර තරග වදින්නේ ගම්පහිනි.

එසේම එජාපයේ කොළඹ ලයිස්තුවේ සිටින රෝසි සේනානායකද විවාහක රූ රැජින වෙමින් දේශපාලන කේෂත්‍රයට පැමිණි චරිතයකි.

2010 පැරදුන ගීතා, දිවුලපිටියේ සංවිධායක පබා

එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ කතාබහට ලක්වන නිළි චරිතය වන්නේ උපෙක්ෂා ස්වර්ණමාලි හෙවත් පබාය.

පබා, 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූයේ එජාපයෙනි, ඇය මෙවර පාර්ලිමෙන්තුවට යන්න හදන්නේ සන්ධාන ලයිස්තුවෙනි. ඇයට සන්ධානය විසින් දිවුලපිටිය ආසන සංවිධායක ධූරයද ලබාදී තිබේ.

සන්ධානයෙන් ගාල්ලෙන් තරග වදින ගීතා කුමාරසිංහද නිළියක් ලෙස දේශපාලනයට පැමිණි චරිතයකි. ඇය 2010 පාර්ලිමෙන්තුවට තරගවැඳුනද පාර්ලිමෙන්තුවට තේරීපත්වීමට නොහැකි වූ අතර ඉන් පසුව එළඹි පලාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරියක වූවාය.

කොළඹට එජාපයෙන් තරග වදින උදාර රත්නායකද යොවුන් රංගන ශිල්පියකි. ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඛෙනට් රත්නායකගේ පුතාය. ඔහු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරුණ අයෙකි.

ෆොන්සේකාගේ යසස් හා නලින්

එසේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කළුතරට තරගවදින රවීන්ද්‍ර යසස් කුමාරනායක හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නලින් ප්‍රදීප් උඩවෙල වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවද ජයගත් දෙදෙනෙකි.

ජවිපෙත් නළුවො 2ක් දාලා

ජනතා විමුක්ති පෙරමුණ විසින් ද මෙවර මහ මැතිවරණයට නළුවන් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත් කර තිබේ.

ඉන් එක් අයෙකු වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය සදහා එක්කර තිඛෙන ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවෙකු හා රංගනවේදියකු වන චන්ද්‍රසෝම බිංදුහේවාය.

එසේම ඔවුන්ගේ ජාතික ලයිස්තුවට ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු වන සරණපාල ජයසූරිය මහතාගේ නම යොදා තිබේ.

පසුගියවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තු වරම් ලැබූ නළුවකු වන ජීවන් කුමාරතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව නැතත් ඔහුගේ නම සන්ධාන ජාතික ලයිස්තුවට ඇතුළත්ව තිබේ.

slmirror

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page