Friday, October 30, 2015


පසුගියදා ඝාතනයට ලක්වූ අනුරාධපුර සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර තිඛෙන එස්එෆ් ලොක්කාට අදාළ ෆේස් බුක් ගිණුම ඔස්සේ ඔහුගේ අපරාධය පිළිබඳ ඉ`ගියක් සොයාගන්නට හැකිව තිඛෙනවා.



මෙම අපරාධය සිදු කර තිබුනේ පසුගිය 25 වනදාය. ඊට සති තුනකට පමණ පෙර ඔක්තෝබර් 05 වන දින තම ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එක්කරමින් ඔහුපවසා ඇත්තේ —දිගු නිහැඬියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලූත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න - ඉක්ම‚න්ම බලාපොරොත්තු වන්න - ලොකු මල්ලි˜ ලෙසයි.


මොහු දහයියාගම හන්දියේ ලොකු මල්ලී සහ ඉරෝන් රණසිංහ එස්එෆ් යන නම් වලින්ද හඳුන්වන බව එම ගිණුම ඔස්සේ හඳුනාගත හැකිය.


මේ අතර ඔහුගේ ගිණුම පිරික්සන අයෙකුට ඔහු මැතිඇමතිවරුන් ආශ්‍රය කරන නිතර කනබොන අයෙකු බවටද ඡායාරූප සාක්ෂි මගින් ඉ`ගි ලැබේ.


වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට 14 දෙනෙකු අත්අඩංගුවේ පසුවන නමුත් මොහුව තවම අල්ලාගන්නට හැකිවී නැත.
මේ අතර ඊයේ වසන්තගේ අවසන් කටයුතු සිදුවූ අවස්ථාවේ එහි ගිය අනුරාධපුර වයාපාරිකයින් කිහිප දෙනෙකුට එස්එම්එස් ඔස්සේ මරණ තර්ජන එල්ලවූ බවටද වාර්තා වුණා.
එස්එෆ් ලොක්කා සොයා පොලිසියේ මෙහෙයුම් තවම ක්‍රියාත්මකය.

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page