
චාවකච්චේරිය ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදී මරාගෙන මැරෙන බෝම්බ සහිත ඇඳුම් වගයක් හමු වෙලා තියෙනව. මේ සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මරාගෙන මැරෙන ඇඳුම් වගේම,පැති බෝම්බ 4ක්,පුපුරණ ද්‍රව්‍ය අඩංඟු පාර්සල් 3ක්, මිලිමීටර් 9 පතරොම් පැකට් 2ක් සහ සයිඩ් චාජර් පිපිරවීමට ගන්නා බැටරි පැක් 2ක් මෙහිදී සොයාගත් බවයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ පසුගිය යුද සමයේ සඟවා තබන්නට ඇති ඒවා බවද සැක කෙරෙන අතර, මේ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ඒකකය කියා සිටියා.