"සාමයේ කුමාරයාණන් ලෙසින් සුවහසක් කිතු
බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමස්ත මානව
ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියක් බව අපි දනිමු.
ස්වර්ගය ද, මිහිතලය ද, සමස්ත සොබාදහමද ජේසු බිළිඳුන්ගේ උපත නිසා එක සේ
ප්‍රීතිමත් වූ අතර, එතුමා ඉපදුණු ගවහල දුප්පත් එඩේරුන්ටත්, රජවරුන්ටත් එක
සේ සාමයේ සිහිල ගෙනා නවාතැනක් විය. මිහිමත සියලූ ජනතාවට සාමයේ,
සමානාත්මතාවයේ, සංහිදියාවේ විමුක්ති මඟ කියන්නට කැප වූ ශ්‍රේෂ්ඨ
මනුෂ්‍යයකුගේ ආගමනය සිදුවූයේ එලෙසිනි.
‘කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩදෙමු.’ යන මෙවර රාජ්‍ය නත්තල්
උත්සවයේ තේමාව කිතු උපත පිළිබඳව ගැඹුරින් සිතා බලන්නටත්, එය අපගේ
ජීවිතාදර්ශය කරගන්නටත් මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කරමි.
සාමය, ප්‍රේමය මුල් කරගනිමින් ක්‍රිස්තුන් වහන්සේ ගෙන ගියාවූ
අවිහිංසාවාදී විප්ලවය අපගේ ජීවිත තුළ අත්දකින්නටත්, එතුමන්ගේ ජීවිතාදර්ශය
තුළ ආගමික, ජාතික, සංස්කෘතික විවිධත්වය අගය කරමින්, පිළිගනිමින් සියල්ලන්
සමඟ සහජීවනයෙන් දිවි ගෙවන්නටත් මෙම නත්තලේ දී අදිටන් කරගනිමු.
ලක්වැසි කිතුනු ජනතාවටත්, සමස්ත ලෝකවාසීන්ටත් අසිරිමත්, අර්ථවත් සුබ නත්තලකට ආසිරි පතමි. "
Every Christmas, Christians rejoice in celebrating the birth of the Prince of Peace, in a spirit of fellowship and love.
Birth unites the world in a strong bond
of compassion, warmth and love for mankind.Let us embrace the spirit of
fellowship renewed through the birth of Jesus Christ as a theme that
will truly inspire all of us, to reflect on the message of peace and
love He brought to the world.
This Christmas, let us truly aspire to
create an environment in which we can love one another in harmony,
tolerance and co-existence that was and is central to the birth and life
of Jesus Christ.
May all Christians in Sri Lanka and all
over the world experience a season of joy and peace in celebrating the
birth of Lord Jesus Christ.
Merry Christmas to you all.
Ranil Wickremesinghe
Prime Minister
Prime Minister
0 comments:
Post a Comment