නිරිතදිග ලන්ඩනයේ කෙන්සිංටන් පළාතේ ඉතා වටිනා බළලකු පැහැර ගෙන ගිය කප්පම් කල්ලියක් ඌ ආපසු දීමට බ්‍රිතාන්‍ය පවුම් 5000 ක් (රුපියල් 1053711.12) ඉල්ලු බවත්, පසුව එම බළලා හිමි යුවළ කප්පම්කරුවන් සමඟ සාකච්ඡා කර පවුම් 1500 ක්(රුපියල් 316113.34) දී බළලා බේරා ගෙන ඇති බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.
මැගී නමැති එම වටිනා බළලාගේ හිමිකරුවන් වන්නේ නයිජල් මෙඩෝව්ස් සහ කැරොල් මැකාතර් නමැති යුවළය. මැගී පැහරගෙන ගොස් ඇත්තේ ඉකුත් හතර වැනිදාය.
බළලා පැහැරගත් අවස්ථාවේදී මොවුන් ඒ ගැන පොලිසියට දැනුම් දුන්න ද සතාගේ ජීවිතය ගැන සිතා ඌ බේරා ගැනීමට කප්පම්කරුවන්ට මුදල් දීමට තීරණය කර ඇත. ඒ අනුව, මැගී බේරා ගැනීමේ කටයුතු සිදුවී ඇත්තේ එසෙක්ස් උද්‍යානයේදීය.
මැගී උසස් පැටිකිරියක් ඇති බළලකු බවත් ඌ පවුම් 5000 ට වඩා තමන්ට වටිනා බවත් හිමිකරු යුවළ පවසා ඇත.
ලන්ඩනයේදීය (ඩේලිමේල්හිදීය)