
කොළඹ පිටකොටුවේ දඩ කොලයක් ලිවීමට ගිය පොලිස් නිලධාරීන්ට තමන් වැරදි නැතැයි පවසමින් කෑගැසු තරුණයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරල තියෙනව.
එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරීමට අවසර ඇති මාර්ගයක වාහනය ධාවනය කළ නොහැකි දෙසට තමන් යතුරුපැදිය තල්ලුකරගෙන ආ බව එම තරුණයා කියයි. ඔහු තවදුරටත් පවසන්නේ වැරදි පැත්තට යතුරුපැදිය ධාවනය කරමින් ආ පොලිසිය වරදක් කළ බවයි. තමන් සතුව සියළු බලපත්‍ර හා ලියකියවිලි ඇති බවත් පොලිසිය අනවශ්‍ය පරිදි දඩකොළ ලියන බවත් මේ තරුණයා කෑ ගසමින් කියයි. නීතිය කාටත් පොදුය. රටේ පවතින නීතිය කඩ කිරීම වරදකි. එය සාමාන්‍ය මිනිසුන්ට සේම පොලිසියටත් එක හා සමාන විය යුතුය.

