Wednesday, July 22, 2015





ඊයේ සවස අකුරැස්සේදීමහින්ද පැටළුනේ කා එක්කද? (වීඩියෝ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ සවස අකුරැස්ස පරණ බස් නැවතුම්පල අසළ රැස්වීමක් අමතන්නට ගිය අවස්ථාවේ සිදුවූනු අමුතු සිදුවීමක වීඩියෝවක් අන්තර්ජාලයේ ප්‍රකට වෙලා තියෙනව.

         එහි දැක්වෙන්නේ සෙනග අතරින් යද්දී රැස්වීම බැලීමට පැමිණ සිටි යම්කිසි පුද්ගලයකු ඔහුගේ අතින් අල්ලන්ට ආබවක් හා හිටපු ජනපතිවරයා ඒ නිසා මුහුණේ ඉරියව් වෙනස් කරගෙන මිට මොලවාගෙන අත ඔසවා ප්‍රහාරයකට සැරසුණ ආකාරයකි. ආරක්ෂකයන් තිදෙනෙක් එම ප්‍රහාරය වැලැක්වීම හිටපු ජනපතිව පසෙකට තල්ලූ කර රැගෙන යනුද එහි දිස්වේ. මහින්ද සැරසුනේ ආරවුලකට බව වීඩියෝව නරඹනවිට හැ`ගී යයි. මෙම සිද්ධිය කවරක්දැයි පැහැදිලි නැති අතර හිටපු ජනපතිවරයා ඒ ගැන සිය කතාවේදී හෙළි කරේද නැත. සිද්ධිය පිළිබඳ හිටපු ජනපති මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට ප්‍රකාශයක් කරමින් දන්වා ඇත්තේ බීමතින් සිටි පුද්ගලයෙකු මහින්දව අල්ලන්නට උත්සාහ කළ අවස්ථාවේ ඔහුව තල්ලූ කර දමා මහින්ද ආ බවයි. සිද්ධිය වූ අවස්ථාවේ කැමරාවේ සටහන් වූ වීඩියෝව පහතින්.



Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.